බහුකාර්ය මුද්‍රණ යන්ත්‍රයක්
පාසලේ අධ්‍යාපනික හා පරිපාලන කටයුතු සඳහා
- මුද්‍රණය (Print)
- ඡායා පිටපත් (Photocopy)
- ස්කෑන් කිරීම (Scan)
මහනුවර · මහදොරලියද්ද ප්‍රාථමික විද්‍යාලය
පාසලේ සිසුන් 39 දෙනා වෙනුවෙන් ඉගෙනුම් කට්ටල, පුස්තකාල පොත්පත්, ක්‍රීඩා භාණ්ඩ සහ බහුකාර්ය මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමේ සමාජ සත්කාරක (CSR) වැඩසටහන
පරිත්‍යාග භාරගැනීම අවසන් වීමට තව
ආදරණීය හිතවතුනි,
සෑම දරුවෙකුටම ඉගෙනීමට, ක්‍රීඩා කිරීමට සහ ලස්සන අනාගතයක් ගැන සිහින දැකීමට අවස්ථාවක් හිමිවිය යුතුයි.
ඒ වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ MBA 20 වන කණ්ඩායමේ “Who We Are” කණ්ඩායම විසින් මහනුවර මහදොරලියද්ද ප්‍රාථමික විද්‍යාලයේ සමාජ සත්කාරක වැඩසටහනක් සංවිධානය කර ඇත. ඔබේ දායකත්වය අපි ආදරයෙන් අපේක්ෂා කරමු.
කඳුකරයේ, හරිත පරිසරයක පිහිටි මේ කුඩා පාසලේ දරුවන්ට කියවීමට ප්‍රමාණවත් පොත්, ක්‍රීඩා කිරීමට අවශ්‍ය උපකරණ සහ මූලික ඉගෙනුම් පහසුකම් නොමැති තරම්ය. ඔබ ලබා දෙන ඕනෑම දායකත්වයක් ඔවුන්ගේ දවස වෙනස් කරාවි.

මෙම ව්‍යාපෘතියෙන් ප්රතිලාභ ලබන පාසල් ප්‍රජාව
අපි පාසලට ගිය දා දුටු දේ
පන්ති කාමර, ක්‍රීඩා පිටිය සහ පාසලේ ඇති ක්‍රීඩා භාණ්ඩ – තිබෙන්නේ පැරණි පන්දු කිහිපයක් පමණි. ඡායාරූපයක් මත ක්ලික් කර විශාල කර බලන්න.
🎁 අපි එකතු වී වෙනසක් ඇති කරමු!
පාසලේ අධ්‍යාපනික හා පරිපාලන කටයුතු සඳහා
සිසුන් 39 දෙනාටම
පාසල් පුස්තකාලය සඳහා
දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් සඳහා
දරුවන්ගේ අධ්‍යාපනයේ වැදගත්කම ගැන
💙 එක් පොතක් දරුවෙකුගේ සිහිනයකට මඟ පෙන්වාවි.
ඔබේ පුංචි පරිත්‍යාගය දරුවෙකුගේ මුහුණට සිනහවක් එක් කරාවි!
එක් පැන්සලක් අනාගතයක් ලියාවි.
🎥 වීඩියෝ
අපි පාසලට ගිය දින රැගත් වීඩියෝ කිහිපයක්.
❤️ අපට හැකි දේ බෙදාගනිමු
පහත බැංකු ගිණුමට ඔබේ පරිත්‍යාගය බැර කර, ගෙවීම් රිසිට්පත මෙතැනින්ම අපට යොමු කරන්න.
පහත මහජන බැංකු ගිණුමට ඔබට හැකි මුදලක් තැන්පත් කරන්න හෝ Online Transfer කරන්න.
ගෙවීම් රිසිට්පතේ ඡායාරූපයක් හෝ screenshot එකක් පහත පෝරමයෙන් අමුණන්න.
අපි ඔබේ පරිත්‍යාගය පරීක්ෂා කර තහවුරු කරමු. දෙසැම්බර් 03 දින එය දරුවන් අතට පත් වේ. 🎉
💡 ගෙවීමේ සඳහන (Reference) ලෙස ඔබේ නම ඇතුළත් කරන්න.
ඔබේ පරිත්‍යාගය තහවුරු කර ගැනීමට අපට මෙය උපකාරී වේ.
භාණ්ඩ ලෙස පරිත්‍යාග කිරීමට කැමතිද? පොත්පත්, ක්‍රීඩා භාණ්ඩ හෝ ඉගෙනුම් උපකරණ නොවැම්බර් 30 ට පෙර භාර දීමට චතුරංග අමතන්න.
🔍 සම්පූර්ණ ලිපිය බලන්න✅ නිල අනුමැතිය
මෙම අරමුදල් රැස් කිරීමේ වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ MBA වැඩසටහනේ Applied Business Management (MOBA 51013) විෂයයේ කොටසක් ලෙස, විශ්වවිද්‍යාලයේ නිල අනුමැතිය ඇතිව සිදු කෙරේ.

සංවිධානය කරන්නේ
MBA 20 වන කණ්ඩායම | කැලණිය විශ්වවිද්‍යාලය
❤️ අපට හැකි දේ බෙදාගෙන, පුංචි සිහිනවලට පියාපත් දෙමු!
ආරාධනා පත්‍රය බලන්න